නිවුන් දරුවන්ගේ මරණ සැකයිලු

185


කළුබෝවිල ශික්ෂණ රෝහලේදී උපත ලැබු නිවුන් බිළිදුන් දෙදෙනෙකු දින දහ හතරක් ඇතුලත සැක කටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරියට එරෙහිව’ පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම දරු දෙදෙනා ඉකුත් 19 සහ 23 දෙදින අවස්ථා දෙකකදී මියගොස් ඇති බව ද පොලිසිය කියයි.

පිළියන්දල, හොන්නන්තර, සර්වෝදය මාවත, 05 වන පටුමගේ පදිංචි අකිලා බොනිපස් හා කලුනායක අලවල ආරච්චිගේ හෂාන් දිල්රංග යන දෙපලට මෙම මස 23 දා ලැබීමට නියමිතව තිබූ දරු ප්‍රසූතියක් සදහා එම කාන්තාවඉකුත් 08 දා කළුබොවිල ශික්ෂණරෝහලට ඇතුළත් කර තිබිණ.

එහිදී පුතෙකු සහ දියණියක ඉකුත් 09 දා උපත ලබා තිබූ අතර එය අඩු බර දරු උපතක් වීම නිසා දරුවන් දෙදෙනා නොමේරු ලදරු ඒකකයට ඇතුලත් කොට සිටියදී ඉකුත් 19 දා පිරිමි දරුවා මියගොස් තිබුණි.

එහිදී දරැවා මියගොස් ඇත්තේ විෂබිජයක් ඇතුල් වීම නිසා බවට වෛද්‍යවරුන් පළමුව පවසා තිබුණත් පසුව පැවසූවේ ශ්වසන අපහසුතාවක් නිසා දරුවා මියගිය බවට වෛද්‍යවරුන් පැවසූ බව පැමිණිල්ලේ සදහන්.

advertistmentadvertistment
advertistmentadvertistment