විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

528

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මෙම මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි .එම නිවේදනයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්‍රය වෙතට රැගෙන යාමේ කටයුතු හේතුවෙන් මෙම දින දෙක තුළ එම සේවාවන් තාවකාලිකව අත්හිටුවන බවය.එම දෙදින තුළ යාපනය, ත්‍රිකුණාමලය, කුරුණෑගල, මහනුවර සහ මාතර යන නගරවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල සාමාන්‍ය කාර්යාල වේලාවන්හි මහජනතාවට විවෘතව පවතින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.ලේඛන සත්‍යාපනය සඳහා වූ අයැදුම්පත් සාමාන්‍ය පරිදි මෙම ප්‍රාදේශීය කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකි අතර සත්‍යාපනය කරනු ලැබූ ලේඛන යළි අයැදුම්කරුවන් වෙත ලබා දෙනුයේ මැයි 02 වන බ්‍රහස්පතින්දා දින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment