මතට ඇබ්බැහි කරන කරල් තොගයක් අසුවේ

112

රේගුව මග හරිමින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටි ව්‍යාපාරිකයෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ මත් කරල් තොගයක් කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (18දා) දින අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි. විවිධ නම් වලින් හැඳින්වෙන මත් කරල් 60,460 ක් මෙම ව්‍යාපාරිකයා සිය ගමන් මලු‍ දෙකක් තුළ සගවා ගෙන පැමිණ තිබුණි.
ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව හෙරොයින් වලට ඇබ්බැහි කරවීම සදහා මුලින්ම ලබා දෙන මත් කරල් විශේෂයක් වන මේවායේ එක් කරළක වෙළෙඳ පළ වටිනාකම රුපියල් 300 ක් පමණ වන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
ඒ අනුව මෙම මත් කරල් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි අසූ එක් ලක්ෂ තිස් අට දහසක් පමණ වන බවට ගනන් බලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment