නිමල් සිරිපාලට යළි ඇමැතිධුරය

185


කටුනායක ගුවන් තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ නිරත ජපන් සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ලවී තිබූ වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එම චෝදනා වලින් නිදහස් වී ඇති නිසා යළි සිය ඇමැතිධුරයෙහි අද සවස 3.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.ජපන් සමාගමකින් රජයේ ඇමැතිවරයෙක් අල්ලස් ඉල්ලා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළේය.එතෙක් සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ද නිමල් සිරිපාල ද සිල්වා මහතාට දැනුම්දී තිබුණි.අදාල චෝදනා වලින් නිමල් සිරිපාලද සිල්වා මහතා නිදොස් කරමින් එම පරීක්ෂණ වාර්තාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් සමන් ඒකනායක මහතා වෙත ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment