රජයේ විධායක නිලධාරීහු මැයි 2, 3 සංකේත වැඩ වර්ජනයකට

277

තම වෘත්තිය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය මෙතෙක් ක්‍රියා නොකිරීම හේතුවෙන් ලබන 02 සහ 03 යන දෙදින සංකේත වැඩ වර්ජනයක නිරතවීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් විසින් අවශ්‍ය මැදිහත්වීම සිදු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීමටද තීරණය කළ බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.එල්. උදයසිරි මහතා ‘දිවයින’ ට කීවේය.

රජයේ විධායක නිලධාරීන් මුහුණ දී ඇති වැටුප් විෂමතාව හා ජීවන වියදම් අර්බුදයට ප්‍රමාණවත් සහනයක් කඩිනමින් ලබාගැනීම සහ රාජ්‍ය සේවක කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නොසලකා හරිමින් ගනු ලබන අත්තනෝමතික තීරණ හේතුවෙන් විෂමතාවන්ට ලක්ව ඇති නිලධාරීන්ට කඩිනම් විසඳුම් ලබාදීම සහ ප්‍රධාන ඉල්ලීම් දෙක මුල්කර ගනිමින් මෙම දෙදින සංකේත වැඩවර්ජනය පවත්වනු ලබන බවත් මේ සඳහා 18,000ක් පමණ වන රජයේ විධායක නිලධාරීන් එක්වනු ඇති බවත් උදයසිරි මහතා තවදුරටත් ‘දිවයින’ ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment