ගිලුණු නැව් 108ක් මෙරට මුහුදේ

75

ශ්‍රී ලංකාව වටා මුහුදේ ගිලුණු නැව් 108ක් සහ ගුවන් යානා 06ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

සමුද්‍ර උරුම සංරක්ෂණ කටයුතුවල දී කිමිදුම් සංචාරක කර්මාන්තය සහ සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණයට අතිශයින් වැදගත් වන ගිලුණු නෞකා ආශ්‍රිත පරිසර පද්ධති පිළිබඳව නව පර්යේෂණ ව්‍යාපෘතිය ගැන මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ රසික මුතුකුමාරණ සහ පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ අනුරාධ පියදාස යන මහත්වරුන් විසින් ලබන සඳුදා කොළඹ දී හෙළිදරව් කිරීමක් සිදු කිරීමට නියමිතය.

එම දෙදෙනා ද මූලික වී මෙම ගිලුණු නෞකා ගැන දත්ත ගබඩාවක්ද පවත්වා ගෙන යයි. මේ පිළිබඳ ඔවුන් කරන අනාවරණය පර්යේෂණ සඳහා මාර්ග ගතවද විමසිය හැකි යාන්ත්‍රණයක් ලෙස භාවිත කළ හැකි බව සඳහන්ය.

කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ අංක 96, ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිති සභා ශාලාවේදී සඳුදා (29) ප.ව. 5.00ට මෙම අනාවරණය සිදුකිරීමට නියමිතය.

මෙරට සංචාරක ප්‍රවර්ධනයට මෙම දත්ත පද්ධතිය ඉවහල් වනු ඇති බවද රසික හා අනුරාධ දෙපළ සඳහන් කරති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment