තෙල් දෙන්න රුසියාව අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කරලා – විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

185

රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට අදාළව මෙරටට පැමිණි සමාගම අවබෝධතා ගිවිසුමක් රජයට ඉදිරිපත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ගිවිසුමට රජය එකඟ නම් ළඟදීම මෙහෙයුම් ගිවිසුමක් හා ඇපකර ගිවිසුමක් අත්සන් කිරීමට ඉඩ ලැබෙන බවත් ඒ සමගම රටට අවශ්‍ය තෙල් ණය පදනමක් මත රටට ලැබෙන බවත් හෙතෙම කියා සිටියේය.

රුසියාවෙන් ලැබෙනුයේ බොර තෙල් බවද නියම මිලට වඩා සියයට 15 ත් 35 ත් අතර අඩු මිලකට තෙල් ලැබෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රාජ්‍ය සමාගම් නිලධාරීන්, ඛනිජ තෙල් ඇමැති හා මහ බැංකු අධිපති සමග සාකච්ඡා කළා. ඩොලර් මිලියන 300 ක ණයක් හැම මාසයකම හිමිවෙනවා. ජනවාරි ගන්නා ණය ගෙවිය යුත්තේ ලබන වසරේ ජනවාරි. නමුත් තෙල් සංස්ථාවේ නීති නිලධාරිනියක් මේ සමාගම පිළිබඳව සොයා බලන්න ලිඛිතව දීලා. ණයක් දෙන්නේ. පැටිකිරිය සෙවිය යුතුද මේ වෙලාවේ ණය ගන්න. එකඟතාවට කැමතිනම් ඇපකර ගිවිසුම රුසියානු බැංකුවත් සමග අත්සන් කළ යුතුයි. සපුගස්කන්ද වැඩ පටන් ගත හැකියි. අවුරුදු දෙකකට ගිවිසුම ගහන්නේ. දෙකේදී සාර්ථක නම් තවත් වසර ගණන් ඉදිරියට යනවා යැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.

රනිල් ධර්මසේන – අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment