ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට – අයදුම්පත් භාර ගැනීම තව සති දෙකකින් අවසන්

143

මැයි මස 07, 08, 09 සහ 10 දින දිනවල හෝමාගම දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට අයදුම්පත් භාර ගැනීම අප්‍රේල් මස 25 දක්වා සිදු කිරීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන ජාත්‍යන්තර මට්ටමේ යොවුන් හා කනිෂ්ඨ තරග සඳහා සහභාගී කරවන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තෝරා ගැනීමේ සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් කර ගැනීම ද මෙවර තරගාවලිය ආශ්‍රිතව සිදු කිරීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

මෙවර තරගාවලියට සුපුරුදු පරිදි අවුරුදු 23 න් පහළ (පිරිමි සහ කාන්තා), අවුරුදු 20 න් පහළ (බාලක සහ බාලිකා), අවුරුදු 18 න් පහළ (බාලක සහ බාලිකා) සහ අවුරුදු 16 න් පහළ (බාලක සහ බාලිකා) තරග අන්තර් ගත කොට තිබේ.

අවුරුදු 16 න් පහළ (2008 සහ 2009), අවුරුදු 18 න් පහළ (2006 සහ 2007), අවුරුදු 20 න් පහළ (2004 සහ 2005), අවුරුදු 23 න් පහළ (2001, 2002 සහ 2003) වර්ෂවල උපත ලබා තිබීම අනිවාර්යය.

අවුරුදු 16 න් පහළ බාලක සහ බාලිකා

මීටර් 100, 200, 400, 800, 100 කඩුලු මතින් දිවීම, 300 කඩුලු මතින් දිවීම, උස පැනීම, දුර පැනීම, තුන් පිම්ම, යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, හෙල්ල විසි කිරීම සහ මීටර් 3000 තරග ඇවිදීම

අවුරුදු 18 න් පහළ බාලක සහ බාලිකා

මීටර් 100, 200, 400, 800, 1500, 3000, 2000 බාධක දිවීම, 100 කඩුලු මතින් දිවීම (බාලිකා) 110 කඩුලු මතින් දිවීම (බාලක), 400 කඩුලු මතින් දිවීම, උස පැනීම, රිටි පැනීම, දුර පැනීම, තුන් පිම්ම, යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, හෙල්ල විසි කිරීම, මීටර් 5000 තරග ඇවිදීම (බාලිකා) සහ මීටර් 10000 තරග ඇවිදීම (බාලක).

අවුරුදු 20 න් පහළ පිරිමි සහ කාන්තා

මීටර් 100, 200, 400, 800, 1500, 3000 (කාන්තා), 5000, 10000 (පිරිමි), 3000 බාධක දිවීම, 100 කඩුලු මතින් දිවීම (පිරිමි) 110 කඩුලු මතින් දිවීම (පිරිමි), 400 කඩුලු මතින් දිවීම, උස පැනීම, රිටි පැනීම, දුර පැනීම, තුන් පිම්ම, යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, හෙල්ල විසි කිරීම, මීටර් 10000 තරග ඇවිදීම

අවුරුදු 20 න් පහළ පිරිමි සහ කාන්තා

මීටර් 100, 200, 400, 800, 1500, 3000 (කාන්තා), 5000, 10000 (පිරිමි), 3000 බාධක දිවීම, 100 කඩුලු මතින් දිවීම (කාන්තා) 110 කඩුලු මතින් දිවීම (පිරිමි), 400 කඩුලු මතින් දිවීම, උස පැනීම, රිටි පැනීම, දුර පැනීම, තුන් පිම්ම, යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, හෙල්ල විසි කිරීම, මීටර් 10000 තරග ඇවිදීම

අවුරුදු 23 න් පහළ පිරිමි සහ කාන්තා

මීටර් 100, 200, 400, 800, 1500, 3000 (කාන්තා), 5000, 10000 (පිරිමි), 3000 බාධක දිවීම, 100 කඩුලු මතින් දිවීම (කාන්තා) 110 කඩුලු මතින් දිවීම (පිරිමි), 400 කඩුලු මතින් දිවීම, උස පැනීම, රිටි පැනීම, දුර පැනීම, තුන් පිම්ම, යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, හෙල්ල විසි කිරීම, මීටර් 10000 තරග ඇවිදීම
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment