රත්නපුර කුණු ගිනි ගනී

253


රත්නපුර නගරයේ කුණු කසළ බැහැර කරන කණාදොල කසළ කන්ද දින තුනක සිට ගිනි ගනිමින් තිබේ.
රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදිපිකා ඉළුක්කුඹුර මහත්මිය ඊයේ 07 වනදා පැවසුවේ මෙම ගින්න පාලනය කිරිමට කටයුතු කර ඇති බවයි.

රත්නපුර නගර සභාවලරත්නපුර ආපදා කළමනාකරණ ඒකකයල සහ හමුදාව එක්ව ගින්න නිවම්න් පවතින බවත් පවතින වියළි කාලගුණික තත්ත්වය සහ කසළ මතුපිටින් ගිනි ගන්නා නිසා ජලය ඉසිනු ලැඹුවද එකවරම ගින්න අවසන් නොවෙන බවද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය.

රත්නපුර කණාදොල කසළ කන්ද පාමුල වෙලකටද ගින්න පැතිරි ගොස් තිබූ අතර එම ස්ථාණයේ ගින්න නිවා දමා තිබේ.

රත්නපුර මහ නගර සභාවේ නිළධාරින් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින් ඊයේ 07 වනදා දිනයේදිත් මෙම ගින්න පාලනය කිරිමට අවශ්‍ය කටයුතු කිරිමට එම ස්ථාණයට ගොස් තිඹුණි.

කසළ කන්දේ ව්ශාල ප්‍රදේශයකට ගින්න පැතිර තිබේ ග පවතින සුළං තත්ත්වය ද කසළ කන්ද යටින් ගිනි ගැනිමද නිසා ගිනි නිවන අයට ගින්න නිවිමට බාධා එල්ලවි තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment