උතුවන්කන්ද බස් රථ අනතුරින් එක් මරණයක්

196

අද දහවල් කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ අන්වාරම හිදී සිදුවූ බස් අනතුරකින් 67 හැවිරිදි කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික ගුරුවරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

වංගුවක් සහිත ස්ථානයකදී ලංගම බස් රථයක් තවත් ලංගම බස් රථයක් ඉස්සර කර ඉදිරියට ධාවනය වන විට ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇත.

ඉන් තුවාල ලැබූ 38 දෙනෙක් මාවනැල්ල රෝහලට ඇතුළුකර තිබූ අතර ඉන් 05 දෙනෙක් බරපතළ තුවාල ලබා සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment