දිවිතොටවෙලදී ති‍්‍රරෝදයක් ගිනිගනී

52

වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගයේ පෙරේදා (20 දා) සවස ගමන් ගත් ත‍්‍රිරෝද රථයක එක්වරම ඇතිවූ  ගින්නකින් එම ත‍්‍රිරෝද රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගයේ දිවිතොටවෙල ප‍්‍රදේශයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබෙන අතර මෙලෙස ගින්නට හසුව ඇත්තේ වැලිමඩ ඩයරබා ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ත‍්‍රිරෝද රථයකි.

ත‍්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයා මෙම ගිනි  ගැනීම සිදුවූ ස්ථානයට මීටර් පන්සීයක් පමණ දුරකින් වු ඉන්ධන පිරවුම් හලෙන් ත‍්‍රිරෝදය සඳහා ඉන්ධන පුරවා ගෙන ඇති අතර ඉන්පසු නැවත පැමිණෙන විට මෙලෙස ගින්න හටගෙන තිබේ. ගින්න නිවීම සඳහා මහත් පරිශ‍්‍රමයක් දරා ඇතත් එය සාර්ථක වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරති.

බොරලන්ද – සමන්ත කුමාර
 

advertistmentadvertistment
advertistmentadvertistment