හික්කඩුව මොලපු ඔය ඇළෙන් රුසියානු කතකගේ සිරුර හමුවෙයි

944

හික්කඩුව තොටගමුව පාලම අසල මොලපු ඔය ඇළ මාර්ගයේ පාවෙමින් තිබූ රුසියානු ජාතික කාන්තාවකගේ මළසිරුරක් පෙරේදා (08දා) පස්වරුවේ සොයාගත් බව හික්කඩුව පොලිසිය පවසයි.

මෙම රුසියානු ජාතික කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන අතර ඇය මොලපු ඔය අසල ඇති විලා එකක තනිවම පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි. රුසියානු කාන්තාව මීට මාස තුනහමාරකට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර ඇයගේ මළසිරුර ඔයේ පාවෙමින් තිබෙනු දුටු ධීවරයකු පොලිසියට දැනුම් දී ඇත.

මියගිය රුසියානු කාන්තාවගේ මළසිරුර ගාල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ලලිත් පතිරණ මහතාගේ නියෝගයට අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගිය අතර හික්කඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment