ජපන් අගමැතිට ඉන්දීය අගමැතිගෙන් පණිවුඩයක්

147

ජපානය යනු ඉන්දියාවේ සමීප මිතුරෙකු බැවින් ඕනෑම මොහොතක ජපානයට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්‍ද්‍ර මෝදි මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිදා මහතා වෙත දැනුම් දී තිබේ.

ඉකුත්දා ජපානයට බලපෑ භූ කම්පනයෙන් ආපදා රැසක් වාර්තා වී තිබූ අතර ඒ සම්බන්ධව අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ජපානය යනු සමීප මිතුරකු මෙන්ම උපාය මාර්ගික හවුල්කරුවකු ද බව පවසා ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ මොහොතේ ජපන් වැසියන් සමඟ ඉන්දියාව සිටින බව ද සඳහන් කර තිබේ.

ජපානයේ ඇති වූ භූ කම්පන සහ ආපදා හේතුවෙන් සියයකට වැඩි පිරිසක් මියගොස් ඇති අතර පුද්ගලයන් දෙසීයක් පමණ අතුරුදන්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment