ඉන්දියා යන ජනපති ගිවිසුම් පහකට එළඹෙයි

336

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර දී දෙපාර්ශ්වයටම බලපාන ගිවිසුම් 5ක් අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එම ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී කළ සාකච්ඡාවේදී තහවුරු කර ගෙන තිබේ.මෙම ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ලේකම්වරයා ද සාගල රත්නායක මහතා දැනුවත් කර ඇත.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

පුනර්ජනනීය බලශක්තියට අදාළව ද, දෙරට අතර මුහුද යටින් තෙල් නල එළීම හා විදුලිය කේබල් එළීමට අදාළව ද, ත්‍රිකුණාමලේ ප්‍රදේශය ආශ්‍රිතව ආර්ථික කලාපයක් ඇති කිරීමට අදාළව ද, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ දී සෘජුවම ඉන්දීය රජය මගින් එය මිලදී ගැනීමට අදාළව ද, කිරි නිෂ්පාදනයට අදාළව ද දෙපාර්ශ්වය අතර ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා ඉන්දියාවට යෑමට පෙර හා ඉන්දීය සංචාරය අතරතුර මෙම ගවිසුම් අත්සන් කරනු ඇතැයි වාර්තා වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment