ලෝක ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සමරමින් මහජන බැංකුවෙන් මාතරදී වෙළෙඳ ප්‍රදර්ශනයක්

47
මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ මහතා සුළු හා මධ්‍ය පරිමාණ ණය මුදලක් පිරිනමමින්

ලෝක ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනයට සමගාමීව මහජන බැංකුව දිවයින පුරා සංවිධානය කරන වෙළඳ ප්‍රදර්ශනය මාලාව යටතේ මාතර ප්‍රාදේශික ප්‍රධාන කාර්යාලය සංවිධානය කළ වෙළඳ ප්‍රදර්ශනය එම පරිශ්‍රයේදී පසුගියදා සාර්ථකව පැවැත්විණි. එමෙන්ම මහජන බැංකුවේ 62 වැනි සාංවත්සරික සැමරුම නිමිත්තෙන් ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ණය 62ක් පිරිනැමීමද මෙදින සිදුකෙරිණි.

මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවන්ට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන, සහකාර සාමාන්‍යාධිකාරිවරුන් වන (ශාඛා කළමනාකරණ) නලින් පෙරේරා, අයි. කේ ඉන්දික, ප්‍රධාන කළමනාකාරිනි (සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) නිල්මිණි ගුණවර්ධන, මාතර ප්‍රාදේශීය කළමනාකාර සමන් රත්නායක, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා, ප්‍රාදේශීය ණය ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි නිෂානි පතිරණ, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනී තුෂාරි නම්මුනිආරච්චි, සහකාර ප්‍රාදේශීය කළමනාකාර සුජිත් කුමාරසිංහ යන මහත්ම මහත්මින්, ශාඛා කළමනාකරුවන්, ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන්, කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment