ලින්ක් සමහන්, කඳු නැගීමේ ශූර යොහාන් පීරිස්ට සවියක් වෙයි

67

CIC Holdings අනුබද්ධ ලින්ක් නැචුරල්, ශ්‍රී ලාංකේය කඳු නැගීමේ ශූරයෙකු වන යොහාන් පීරිස් සමග අත්වැල් බැඳගනිමින්, උතුරු ඇමරිකාවේ උසම කන්ද වන ඩෙනාලි කන්ද තරණය කිරීමේ උත්සාහයේදී ඔහුට ශක්තියක් වෙයි.

කොළඹ 7, මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි අංක 6 දරන ස්ථානයෙහි අභිනවයෙන් විවෘත කළ ‘ලින්ක් නැචුරල් ස්වස්ථ‘ පරිශ්‍රයේදී ඒ පිළිබඳව පසුගියදා නිවේදනය කරන ලදී.

ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමේ අලෙවි ප්‍රධානී රොමේරෝ ලින්ඩන් මහතාද මෙහිදී අදහස් දැක්විය. “යොහාන් පීරිස් කියන්නෙ, වික්‍රමාන්විත ක්‍රීඩාවන්හි නියැලෙමින් ශ්‍රී ලංකාව දිගින් දිගටම ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන්නට උත්සාහ කරන කඳු නැගීමේ ශූරයෙක්. ඔහු යළිත් වරක් කඳු නැගීමෙන් ජාත්‍යන්තර තලයේ අභියෝගයක් කරා යාමට සූදානම් වෙන්නෙ, උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කළොත් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කිරීම අපහසු නොවන බව සනාථ කරමින්. ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලාංකීය සන්නාමයක් වන ලින්ක් නැචුරල්, උතුරු ඇමරිකාවේ උසම කන්ද වන Denali කන්ද තරණය කිරීමේ යොහාන්ගේ උත්සාහය සමගින් අත්වැල් බැඳ ගැනීම අපට සතුටට කරුණක්.”

සටහන හා ඡායාරූපය නිශේන්ද්‍ර සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment