ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සඳහා බිස්නස් ක්ලබ් වෙළෙඳ ව්‍යාපාර රක්ෂණය

181

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ විවිධ ව්‍යාපාර රක්ෂණ අවශ්‍යතා සඳහා සරිලන පරිදි පරිපුර්ණ ව්‍යාපාර රක්ෂණ විසඳුමක් ලෙසින් බිස්නස් ක්ලබ් වෙළෙඳ ව්‍යාපාර රක්ෂණ සැලසුම ඉදිරිපත් කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ අතිශයින් වැදගත් දායකත්වය හඳුනාගනිමින් ඔවුන්ට අවශ්‍ය රක්ෂණ විසඳුම් ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය බිස්නස් ක්ලබ් වෙළඳ ව්‍යාපාර රක්ෂණ සැලසුම වැඩි දියුණු කර වෙළඳපලට හඳුන්වා දී තිබේ. මෙම රක්ෂණ සැලසුම අනෙකුත් සාමාන්‍ය වෙළඳ රක්ෂණ වලින් ඔබ්බට යමින් ව්‍යාපාරයේ ආරක්ෂාවට මෙන්ම දියුණුවටද මගපෙන්වන පරිදි සැලසුම් කර තිබීම විශේෂත්වයක් වේ.

සිල්ලර වෙළෙඳසැල, තොග වෙළඳසැල්, ආපනශාලා, ආහාර පාන අලෙවිසැල්, පොත් සාප්පු,රූපලාවන්‍යාගාර සහ ෆාමසි ආදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බිස්නස් ක්ලබ් රැකවරණය සලසන අතර ගිණි හා අකුණු සැර, පිපිරීම්, ද්වේශ සහගත අලාභ හානි, ගුවන් යානා වලින් සිදුවන හානි, ඝට්ටන, භූමි කම්පා ඇතුළු උවදුරු රැසක් ආවරණය කරයි. එසේම ආපදාවකදී සුන්බුන් ඉවත් කිරීම සඳහා වන වියදම් , වාස්තු විද්‍යා මිනින්දෝරු හා ඉංජිනේරු උපදේශක සේවා ගාස්තු ආදිය සඳහා නොමිලේ ලබාදෙන ආවරණ මෙම රක්ෂණය සමග ලබාගත හැකිය.

එසේම මුදල් රක්ෂණය, අහඹු අනතුරුවලින් ආයතනයේ වීදුරු වලට වන හානි,සංඥා නාම පුවරු, ඉලෙක්ට්‍රොනික් උපකරණ සඳහා වන ආවරණයන් වෙනම අමතර වාරික මුදලක් ගෙවා ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment