බස්නාහිර – සබරගමුව මධ්‍යම හා දකුණට අද තද වැසි

41

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (18 වැනිදා) මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම, උතුර, උතුරු මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව ද බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment