17න් පහළ පාසැල් බැඩ්මින්ටන් තරගාවලිය: ලයිසියම් සහ මියුසියස් ශූරතා දිනා ගනියි

67

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මගින් සංවිධානය කළ 17න් පහළ සමස්ත ලංකා කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේ බාලක අංශයේ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව කොළඹ ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම හිමිකර ගත්තේය. මියුසියස් විදුහල් ‘ඒ’ කණ්ඩායමට එහි බාලිකා ශූරතාව හිමි විය.

බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ බාලක අංශයේ අනු ශූරතාව ගාල්ල රිච්මන්ඩ් විදුහලටත් බාලිකා අනුශූරතාව නුගේගොඩ අනුලා විද්‍යාලයටත් හිමිවිය.

තරග ප්‍රතිඵල

‘ඒ’ කාණ්ඩය

බාලක – ශූරතාව ආනන්ද විදුහල ‘ඒ’ කණ්ඩායම, අනුශූරතාව මහනුවර සාන්ත අන්තෝනි විදුහල

බාලිකා – ශූරතාව වත්තල ලයිසියම්, අනු ශූරතාව – සිරිමාවෝ බාලිකා විද්‍යාලය

‘බී’ කාණ්ඩය

බාලක – ශූරතාව සාන්ත බෙනඩික්ට්, අනු ශූරතාව – නුගේගොඩ සාන්ත ජෝන්ස්

බාලිකා ශූරතාව – පන්නිපිටිය ධර්මපාල විදුහල, අනු ශූරතාව – අම්බලන්ගොඩ පී. ද එස්. කුළරත්න විදුහල

‘සී’ කාණ්ඩය

බාලක – ශූරතාව වෙස්ලි විදුහල, අනු ශූරතාව පානදුර ශ්‍රී සුමංගල විදුහල

බාලිකා – ශූරතාව බදුල්ල විහාරමහාදේවි බාලිකා විදුහල, අනු ශූරතාව නුගේගොඩ සුජාතා බාලිකා විදුහල

‘ඩී’ කාණ්ඩය

බාලක – ශූරතාව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, අනු ශූරතාව බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය

බාලිකා – ශූරතාව ගෝතමී බාලිකා විද්‍යාලය, අනු ශූරතාවය – ගම්පහ සිරිකුරුස විදුහල

‘ඊ’ කාණ්ඩය

බාලක – ශූරතාව පොලොන්නරුව රාජකීය විද්‍යාලය, අනු ශූරතාව රත්නපුර සීවලී විද්‍යාලය

බාලිකා – ශූරතාව සාන්ත පාවුළු බාලිකා විදුහල, අනු ශූරතාව පානදුර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

ලසිත සන්දීප

advertistmentadvertistment
advertistmentadvertistment