අතුරුදන් වී සති 2යි – කුලියාපිටියේ තරුණයා ගැන තාමත් ආරංචියක් නෑ

52

පැහැරගෙන ගිය බවට සැක වාහනය මාතලෙන් හමුවෙයි

දැනට දින 14ක් තිස්සේ අතුරුදන් වී සිටින කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණ ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.

මෙම ව්‍යාපාරිකයා පැහැරගැනීමට යොදාගත් බවට සැක කෙරෙන කුඩා වෑන් රථයක් මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබියදී පෙරේරා (04දා) සොයාගත් බව ද හෙතෙම කීය.

කුලියාපිටියේ පදිංචි 18 හැවිරිදි පෙම්වතියගේ නිවසට යන බව පැවසූ 31 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයා පසුගිය අප්‍රේල් 22 වැනිදා සිට අතුරුදන් වී ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු කුලියාපිටිය පොලිසිය විමර්ශන ඇරඹීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ අතුල විජේසිංහ මහතාගෙන් ද ප්‍රශ්න කළ බවත් එසේම, මෙම සිද්ධියට අදාළව මේ වනවිට සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

අතුරුදන් වී සිටින තරණයා සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ පෙම්වතිය ඇතුළු පවුලේ ඥාතීන් නිවෙස් අතහැර පලා ගොස් සැඟවී සිටින බව ද පොලිසිය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment