ජෙරම්ගේ බැංකු ගිණුම් 9ක් පරික්ෂාවට උසාවියෙන් අවසර

178

බෞද්ධ ධර්මයට අපහාස වන පරිදි ප්‍රසිද්ධ ආගමික දේශනයකදී ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇති ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා නමින්, පෞද්ගලික බැංකු කිහිපයක පවත්වාගෙන යන ගිණුම් නමයක් (9) පරීක්ෂා කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

එකී බැංකු ගිණුම්වලට අදාළ සියලු විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට ද මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම බැංකුවල කළමනාකරුවන්ට නියෝග කළේය

එම දේවගැතිවරයා පසුගිය වසර කිහිපය තුළදී රුපියල් කෝටි සිය ගණනක මුදලක් උපයා ඇති බවත් එලෙස උපයා ගත් මුදලින් රුපියල් කෝටි ගණනාවක් ඔහුගේ නමින් බැංකුවල තැන්පත් කර ඇති බවත් පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන අංශය කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝග නිකුත් කළේය.

ඔහු විවිධ කරුණු සඳහා රුපියල් කෝටි ගණනින් වැයකර හා පරිත්‍යාග කර ඇතත් ඔහුගේ බැංකු ගිණුම්වලට එලෙස වැය කරනා මුදල මෙන් දෙතුන් ගුණයක් මසකට ලැබෙනා බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment