සමස්ත ශූරතාවය මාරිස්ටෙලා සහ වලල ඒ. රත්නායක විදුහල් දිනා ගනී – පාසල් සහාය දිවීමේ තරගාවලිය

174

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරුනු “ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” පාසල් සහාය දිවීමේ තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 95) නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

එකී අනුශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහල (ලකුණු 60) ට හිමි වූ අතර තෙවන ස්ථානය කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (ලකුණු 56) සතු විය.

සමාරම්භක සහාය දිවීමේ තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාව ලකුණු 113 ක් රැස්කර ගනිමින් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල දිනා ගත්තේය.

එකී අනුශූරතාව වත්තල ලයිසියම් විදුහල (ලකුණු 90 ) ට හිමි වූ අතර තෙවන ස්ථානය අඹගමුව මධ්‍ය මහා විදුහල (ලකුණු 62) සතු විය. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පාසල් 400 කට ආසන්න ප්‍රමාණයක් සමාරම්භක “ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” පාසල් සහාය දිවීමේ තරගාවලියට එක්ව සිටීම කැපී පෙණුනි. ඒ ඒ වයස් සීමාවන් හි ශූරතාව (01), අනුශූරතාව (02) සහ දෙවන අනුශූරතාව (03) දිනා ගන්නා ලද පාසල් පහත දැක්වේ. සිලෝන් බිස්කට් සමාගමේ “රිට්ස්බරි” අනුග්‍රාහක ශක්තිය ඇතිව මෙම තරගාවලිය සංවිධානය කෙරිණි.

අවුරුදු 12 න් පහළ බාලක

  1. බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (ලකුණු 17)
  2. කොළඹ රාජකීය විදුහල (ලකුණු 11)
  3. මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 10)

අවුරුදු 12 න් පහළ බාලිකා

  1. කොළඹ මියුසියස් විදුහල (ලකුණු 14)
  2. ජාඇල නිමල මරියා කන්‍යාරාමය (ලකුණු 10) සහ ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහල (ලකුණු 10)
  3. පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 07)

අවුරුදු 14 න් පහළ බාලක

  1. මීගමුව ලොයලා විදුහල
  2. මහනුවර ත්‍රිත්ව විදුහල
  3. වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල

අවුරුදු 14 න් පහළ බාලිකා

  1. පන්නිපිටිය ධර්මපාල විදුහල

2.මීගමුව ආවේ මරියා කන්‍යාරාමය

3.හලාවත ආනන්ද ජාතික පාසල

අවුරුදු 16 න් පහළ බාලක

  1. මීගමුව මාරිස්ටෙලා විදුහල
  2. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහල
  3. රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල

අවුරුදු 16 න් පහළ බාලිකා

  1. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල
  2. අඹගමුව මධ්‍ය මහා විදුහල
  3. වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල

අවුරුදු 18 න් පහළ බාලක

  1. මීගමුව මාරිස්ටෙලා විදුහල
  2. මහනුවර ත්‍රිත්ව විදුහල
  3. වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල

අවුරුදු 18 න් පහළ බාලිකා

  1. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල
  2. මාතර මධ්‍ය මහා විදුහල
  3. වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල

අවුරුදු 20 න් පහළ බාලක

  1. කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල
  2. වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (30)
  3. මාතර රාහුල විදුහල (38)

අවුරුදු 20 න් පහළ බාලිකා

  1. වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (60)
  2. ගම්පහ සිරි කුරුස විදුහල
  3. පන්නිපිටිය ධර්මපාල විදුහල
advertistmentadvertistment
advertistmentadvertistment