ප්‍රතික්‍රීයක හිඟයෙන් ලේ බැංකුවත් පණඅදී!

129

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට (ලේ බැංකුවට) ලැබෙන රුධිරයේ ්‍යෂඪ හෙපටයිටීස් ඊගක්‍ පරීක්‍ෂා කරන ද්‍රව්‍ය (ප්‍රතික්‍රීයක) හිඟවීම නිසා එහි කටයුතු ඇනහිටින තත්ත්වයක් ඇතිවී ඇත.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට ලැබෙන රුධිරය ්‍යෂඪ හෙපටයිටීස් ඊලක්‍ , මැලේරියාව, සිපිලිස් වැනි රෝගීන්ගේ නොවන බවට තහවුරු කර ගැනීම සඳහා ප්‍රතික්‍රීයක භාවිත කරන අතර එම මධ්‍යස්ථානය තුළ ප්‍රතික්‍රීයක නොමැතිවීම නිසා මෙම තත්ත්වය උදාවී ඇතැයි එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම උපකරණ සැපයුම් සිදුකරන සැපයුම්කරු වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 400 ක පමණ මුදලක් ගෙවීමට තිබෙන අතර එම මුදල නොගෙවීම නිසා ඔහු සැපයුම් අත්හිටුවීමට කටයුතු කරමින් සිටී. ඔහු සමග සාකච්ඡා කිරීමෙන් පසු සතියෙන් සතිය ප්‍රතික්‍රීයක ලබාදීමට එකඟවී තිබේ.

ජනවාරි සිට මේ දක්වා ඔහුට ගෙවීමට ඇති මුදලින් රුපියල් මිලියන 100 ක පමණ මුදලක් ගෙවීමට එකඟ වී සිටියත් එම මුදල ද නිසියාකාරව නොගෙවීම නිසා මෙම මාසය ඇතුළත සතියකට අවශ්‍ය ප්‍රමාණය බැගින් ලබාදීමට ඔහු එකඟ කරගෙන තිබේ. මේ මාසය තුළ ද එකඟ වූ මුදලවත් නොදෙන්නේ නම් එම ප්‍රතික්‍රීයක ද්‍රව්‍ය සැපයීමට නොහැකි බව ඔහු පවසා තිබේ.

මෙම උපකරණ විවෘත වෙළෙඳ පොළෙන් ලබා ගැනීමට උත්සහ කළත් වෛi සැපයුම් අංශයේ ලියාපදිංචි වී ඇත්තේ එකම සැපයුම්කරු නිසා ඔහු විවෘත වෙළෙඳ පොළේ ටෙන්ඩරයට ඉදිරිපත්වී හිඟ මුදල ලබාදෙන ලෙස ඉල්ලීම් කරන නිසා ප්‍රශ්නය තවත් උග්‍ර වී තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment