ප්‍රා. සභා නැතිව අපි නන්නත්තාරයි – පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු කියති

183

පළාත් සභා සහ ප්‍රාදේශීය සභා විසුරුවා හැර තිබීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තමුනට ගමට ගොස් දේශපාලන කටයුතුවල නිරත වීමේ දුෂ්කරතා මතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් චෝදනා කරති.

මේ සම්බන්ධව දිවයින ඉරිදා සංග්‍රහයට අදහස් දක්වමින් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ තරුණ මන්ත්‍රීවරයකු පැවසුවේ ආණ්ඩුව අපේ…. ජනාධිපති පත් කළේ අපි… හැබැයි අපිට ඇමැති ධුරත් නැහැ. ගමට ගිහින් දේශපාලනය කරන්න බලයකුත් නැහැ. අපි නන්නත්තාර වෙලා යැයි කියා ය.

ඒ නිසා කඩිනමින් මෙම මැතිවරණ පවත්වා එම ආයතන ශක්තිමත් නොකළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තවදුරටත් රැඳී සිටීමෙන් ඇති ඵලක් නැතැයි ද හෙතෙම කීවේය.

එසේම ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට නව සන්ධානයක් ලෙස මුහුණ දීමට තරුණ මන්ත්‍රීවරුන් ලෙස තමන් සූදානම් බව ද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment