ඉලක්කවලට යන්නැති අමාත්‍යාංශ ලේකම්වරු මාස 6 න් දොට්ට

110

රාජ්‍ය පරිපාලන සේවයේ කාර්යක්ෂමතාව පවත්වා ගෙන යෑම වෙනුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සහ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් අතර එකඟතා ගිවිසුමක් මෙම වසරේ දී (2023) අත්සන් කිරීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

තමන් ලේකම් ධුරය දරන අමාත්‍යාංශයන් හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් ලබන වසරට අදාළව ඉලක්කයක් ජනාධිපති ලේකම් විසින් ලබා දෙන අතර එම ඉලක්කය ඔස්සේ ගමන් කරන්නේ දැයි මාස තුනෙන් තුනට ප්‍රගතිය පරීක්ෂා කිරීමට ද නියමිතය.

එසේ පරීක්ෂා කරද්දී සිය ඉලක්ක අවශ්‍ය ප්‍රමාණයට සම්පූර්ණ කර නොමැති අමාත්‍යාංශ ලේකම්වරුන් මාස 06 කදී රාජකාරියෙන් ඉවත් කිරීමට ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා තීන්දු කර තිබේ. ලබන වසරේදී වයස අවුරුදු 60 සම්පූර්ණ වන අමාත්‍යාංශ ලේකම්වරුන් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්‍රාම යන බැවින් අලුතින් පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරුන් ද එම ගිවිසුමට ඇතුළත් වනු ඇත. රාජ්‍ය සේවයේ වියදම් 25% කින් අඩු කිරීම, අනවශ්‍ය වියදම් කපා හැරීම මෙන්ම චක්‍රලේඛ අනුව නිසි කටයුතු කිරීම ආදී රාජ්‍ය සේවයේ ඵලදායිතාවට අදාළව එකඟතාවන් රැසක් ඇත්ළත්ව මෙම ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment