දැල්පන්දු ශූරතාවය බස්නාහිරට – මධ්‍යම හොකී ආධිපත්‍යය පතුරවයි

128

47 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල

පොලොන්නරු ජාතික ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පවත්වන ලද 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් ශූරතාව තහවුරු කර ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එකී රිදී පදක්කම මධ්‍යම පළාත හිමි කර ගන්නා අතර වාරයේදී ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත් වන්නට දකුණු පළාත ට සිදු විය.

දිවයිනේ පළාත් සියල්ලම සහභාගී වූ මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බස්නාහිර පළාත නියෝජනය කළ සචිනි හිරුණිකා රුද්‍රිගු සම්මාන ලැබුවාය.

බස්නාහිර සහ මධ්‍යම අතර පැවති තීරණාත්මක අවසන් තරගයේ දී ලකුණු 49 – 29 ක් ලෙස පහසු ජයග්‍රහණයක මිහිර අත් විඳීමට බස්නාහිරට හැකි විය.

මේ අතර ජාතික මහා ක්‍රීඩා උළෙලෙහි පිරිමි සහ කාන්තා හොකී රන් පදක්කම් දිනා ගැනීමට මධ්‍යම පළාත සමත් විය. මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ධම්මික රණසිංහ (මධ්‍යම) සම්මාන ලැබූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කේ. එල්. එස්. කුමාරී (මධ්‍යම) තිළිණ ලැබුවාය.

තරගාවලියේ පිරිමි රිදී පදක්කම සහ කාන්තා ලෝකඩ පදක්කම තහවුරු කර

ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පිරිමි රිදී පදක්කම දකුණු පළාත දිනා ගන්නා අතර වාරයේ දී වයඹ පළාත ට කාන්තා ලෝකඩ පදක්කම හිමි විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment