කළු නිදහස් දිනයක් ප්‍රකාශ කොට පෙළපාලි යද්දී කිළිනොච්චියේදී අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 5 දෙනා මුදාහරී

30

කිළිනොච්චියේදී අත්අඩංගුවට ගත් යාපනය හා කිළිනොච්චිය විශ්වවිද්‍යාල වල සිසුන් පස් දෙනා කිළිනොච්චිය පොලිසිය විසින් 4 දා රාත්‍රී නිදහස් කොට තිබේ.

ජාතික නිදහස් දිනය දා කළු නිදහස් දිනයක් ප්‍රකාශ කොට කිළිනොච්චිය නගරයේ පෙළපාලි යමින් සිටියදී එම සිසුන් පස් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

කළු නිදහස් දිනයක් ප්‍රකාශ කොට පෙළපාලි යද්දී කිළිනොච්චියේදී අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 5 දෙනා මුදාහරී

මේ සිසුන් විසින් යාපනය විශ්වවිද්‍යාලය තුළ හා කිළිනොච්චියේ තැනින් තැන කළු කොඩිද දමා තිබුණි.

යාපනය විශ්වවිද්‍යාලයේ හා යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ සිසුන් විශාල පිරිසක් මෙම පෙළපාලියට සහභාගී වී සිටියහ.

එහිදී පොලිසිය හා විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනීමෙන් පසුව පොලිසිය විසින් විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පසුව දෙමළ ජාතික සන්ධානයේ එස්. ශ්‍රීධරන් චාර්ල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරු දෙදෙනා හා යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය උතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කිරීමකින් පසුව කිළිනොච්චිය පොලිසිය අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනා නිදහස් කොට ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment