ලන්ඩන් රිය අනතුරින් යාපනයේ එකම පවුලේ තිදෙනෙක් මරුට – තවත් 04 දෙනකුට තුවාල

1121

ලන්ඩනයේ චිචෙස්ටර් (Chichester) නගරයේ ඩන්ස්ටන් :(Dunston) ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් යාපනයේ පදිංචි එකම පවුලේ කාන්තාවන් තුන්දෙනකු මියගොස් තවත් හතරදෙනකු 13 දා තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් අතර සිටින තවත් කාන්තාවක ඉතා බරපතළ තත්ත්වයේ සිටින අතර ඇය මෝටර් රථය පදවාගෙන ගිය කාන්තාව වෙයි.

මෙම අනතුර සිදුව ඇත්තේ මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටීමෙනි.

ලන්ඩනයේ පදිංචි වී සිටින මියගිය අයගේ ඥාති පුතකු විසින් මියගිය පිරිස හඳුනාගෙන තිබේ.

ඔහු ප්‍රකාශ කොට ඇත්තේ විවාහ මංගල්‍යයක් සඳහා පවුලේ උදවිය මෝටර් රථ දෙකකින් ගමන් කළ බවත් ඉන් බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය වෙනත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත්ය.

මියගිය අයගේ මළ සිරුරු තුන යාපනයට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි හතක් පමණ වැයවන නිසා අවසන් කටයුතු ලන්ඩනයේදී සිදු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

මියගොස් ඇත්තේ මව හා දියණියන් දෙදෙනෙකි. ඔවුන් වසරකට ඉහතදී යාපනයේ සිට කැනඩාවට ගොස් මීට දින කීපයකට ඉහතදී ලන්ඩනයට ගොස් ඇත්තේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම පිණිසය.

චිචෙස්ටර් නගරයේ පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment