ගෙල වැලලා මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවේ

361

යටියන්තොට වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගණය අසල ගෙල වැලලා මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (22) යටියන්තොට පොලිසිය විසින් සොයා ගෙන තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ යටියන්තොට, හොරන්දර පදිංචි අවුරුද 43ක පමණ වන ජානක වීරතුංග නැමති අයෙකි. මොහු යටියන්තොට ප්‍රාදේශීය සභාවේ මුරකරුවෙකු වශයෙන් සේවය කළ විවාහක අයෙකි. දේහය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරවනැල්ල රෝහලට ගෙන ගොස් ඇති අතර වැඩිදුර පරීක්ෂණ යටියන්තොට පොලිසිය සිදු කරයි.

වසන්ත සමයවර්ධන – බුලත්කොහුපිටිය, කේ කේ ඩී රූපසිංහ – යටියන්තොට

advertistmentadvertistment
advertistmentadvertistment