ජංගම දුරකථනයෙන් කිසියම් අයෙකුට කතාකොට මොහොතකට පසු දෙවරක් දුම්රිය මඟට වැඳ දුම්රියට පැන්න කාන්තාවට බරපතළයි

1223

ගම්පොළ, කහටපිටිය දුම්රිය මාර්ගයේ සිටින කාන්තාවක් කිසියම් අයකුට ජංගම දුරකතනයෙන් කතාකොට දුම්රිය මාර්ගයට දෙවරක් වැඳ නාවලපිටියේ සිට මහනුවර දක්වා ගමන් ගන්නා දුම්රියට ගෙළ තබන සිද්ධියක් ඒ අසල නිවසක කැමරාවක පටිගත වී ඇත.මෙම සිද්ධියෙන් ඇයගේ ජීවිතයට හානියක් නොවුණද බරපතළ තුවාල ලබා ඇති ඈ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව ගම්පොල පොලිසිය පවසයි. සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ ගම්පොළ, ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි එම්. ජී. ජී. ශිරෝමි නමැති 34 හැවිරිදි විවාහක කාන්තාවක් බව පොලිසිය පවසයි.

ඇය මාතලේ ප්‍රදේශයෙන් විවාහ වී සිටිය ද පසුගිය දිනවල ඇය ඇගේ සහෝදරයකු ගේ නිවසට පැමිණ සිට ඇත. සහෝදරයාගේ වයස අවුරුදු 17 ක් වූ දියණිය මහනුවර උපකාරක පන්තියකට යැවීම සඳහා ගම්පොළ දුම්රිය ස්ථානයට කැඳවාගෙන විත්, නාවලපිටිය මහනුවර දුම්රිය එනතුරු එම දියණිය දුම්රිය ස්ථානයේ නවතා ඇය එම දුම්රිය පැමිණීමට පෙර ඉදිරියට යමින් කහටපිටිය ප්‍රදේශයට පැමිණ තිබේ.එසේ පැමිණ ඇති ඇය දුම්රියට මෙසේ ගෙල තබා තිබේ. සිද්ධිය දුම්රියේ රියදුරු හෝ කිසිවකු නොදක ඇති අතර දුම්රියේ වදින ඇය ඈතට විසි වී විනාඩි විස්සකට පමණ පසු ඇය යළි මාර්ගයට පෙරළී පැමිණෙන අයුරු කැමරාවේ සටහන්ව තිබේ. පසුව මාර්ගයේ යන පිරිස් ඇය දැකීමෙන් පසු ගම්පොළ පොලිසියට දුරකථන ඇමතුමක් දෙන අතර පසුව ගිලන් රථයකින් ගම්පොළ රෝහලට රැගෙන යන අයුරුද එහි සටහන්ව තිබේ.

දුම්රියේ වැදී පැය එකහමාරකට පසු ඇය මෙසේ රෝහලට රැගෙන ගියද, බරපතළ තත්ත්වයක සිටි ඇය මෙසේ මහනුවර මහ රෝහලට පිටත්කර යවා තිබේ. ගම්පොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත විවිධ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. එච්. එස්. යාලගම, පො.සැ. (45145) පියසේන යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment