අයිස් ළඟ තබාගත් සැකකරු පොලිසියේ දෙදෙනකු සපා කාලා

45

වැල්ලව උයන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු එම සැකකරු විසින් සපා කා තුවාල සිදුකර ඇතැයි වැල්ලව පොලිසිය කියයි.

මෙසේ සපාකෑමට ලක්ව ඇත්තේ වැල්ලව පොලිසියේ පොලිස් පරීක්‍ෂකවරයකු සහ සැරයන්වරයෙකි. මෙම දෙදෙනාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති අතර අයිස් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 78 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව වැල්ලව පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment