නාය අවදානමේ පවතින ඇල්ල ඌව කරඳගොල්ල සහ මලිත්තගොල්ල භූමි නිරීක්ෂණයක

195

තම නිරීක්ෂණයන්ට අනුව භූමියේ පැහැදිලි අස්ථාවරභාවයක් දක්නට ලැබෙන බවත් එය ස්ථාවර කිරීම සඳහා ක්ෂේත්‍රයේ සිදුකරන නීරීක්ෂණ හා තාක්ෂණික වශයෙන් සිදු කරන පරීක්ෂණවලින් පසු පුළුල් අධ්‍යයනයක් සිදු කර කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ඇල්ල ඌව, කරඳගොල්ල සහ මලිත්තගොල්ල නාය යෑමේ අවදානම් සහිත භූමිය නිරීක්ෂණ කළ ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාරත්න මහතා පැවැසීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් උදය හේරත්, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ උපදේශක මහාචාර්ය කුලතිලක, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන, ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික පතිරණ, බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උදය කුමාර සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා ඇතුළු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ.

මලිත්තගොල්ල ගම්මානයේ නිවාස පිහිටි භූමිය, වගා භූමිය, ගිලා බැසීමට ලක්ව ඇති ස්ථාන, නාය යෑමේ ලක්ෂණ පෙන්නුම් කරන ස්ථාන, ජල මූලාශ්‍රය ආරම්භ වන ස්ථාන සහ ජලය බැස යන මාර්ග සහ ජලය රැඳී තිබෙන ස්ථාන ආදී සියල්ල නිරීක්ෂණය කරන ලදි.

නාය අවදානමේ පවතින ඇල්ල ඌව කරඳගොල්ල සහ මලිත්තගොල්ල භූමි නිරීක්ෂණයක

එමෙන්ම මෙම නාය යෑමේ අවදානම හේතුවෙන් ඇල්ල, වැල්ලවාය මාර්ගයට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන්ද විශේෂඥ කණ්ඩායමේ අවධානය යොමු විය. මෙහිදී නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා, පර්යේෂණ කණ්ඩායම ලබාදෙන නිර්දේශයන්ට අනුව ඉදිරියේදී අවශ්‍ය කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන ගැටලුවක් ලෙස පවතින බදුල්ල, වැල්ලවාය මාර්ගයට ඇති අවදානම කෙරෙහි පරීක්ෂණ කණ්ඩාමේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මාර්ගයට ඇති අවදානම සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ හැකියාව තාක්ෂණික වශයෙන් පවතින බව භූ විද්‍යාඥයින් කණ්ඩායම නිර්දේශ කර තිබෙනවා.

බදුල්ල – එච්.එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment