ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ නවසීලන්තයට

57


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට්, එක් දින සහ විස්සයි 20 තරග සංචාරයක් සදහා අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියහ.

මේ තරගාවලියේදී ටෙස්ට් තරග 02 ක් , එක් දින තරග 03 ක් සහ විස්සයි 20 තරග 03 ක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතය.
මෙම ටෙස්ට් තරග 02 ක ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරග වන අතර සීමිත ඕවර් 50 තරග ක්‍රිකට් ලෝක කුසලාන තරග සදහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වීමට නියමිතවේ.

නවසීලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න දරනු ලැබේ.

එක් දින තරග සහ විස්සයි- 20 තරග සදහා නායකත්වය දීම දසුන් ශානක විස්න සිදු කරන අතර ඔහු ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට නවසීලන්තය බලා යෑමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment