දමිතා සහ සැමියා 20 වැනිදා යළි අධිකරණයට

811


කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිණීයක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව පැවරූ පැමිණීල්ල මෙම මස 20 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියම කළේය.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය මෙම පැමිණීල්ල යළි කැඳවන 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියම කළ අතර එදින අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර අබේරත්න යුවළට නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලමින් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් පවරා තිබු අපේක්ෂිත ඇප අයැදුම් පතද කැඳවු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම පැමිණීල්ලද ලබන 20 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment