යාපනයේ එකම පාසලක සිසුන් 5 කට ක්ෂය රෝගය..

211

පාසල් සිසුන් සියළු දෙනාම පරීක්ෂාවට ලක් කිරීම ඇරඹෙයි.

යාපනයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුන් පස් දෙනෙකුම ක්ෂය රෝගයට ගොදුරු වීමත් සමගම යාපනයේ සෞඛ්‍ය අංශ එම පාසල සම්බන්ධයෙන් තීන්දූ තීරණ රැසක් ගෙන තිබේ.
සමස්ත පාසලේම සිසුන් ක්ෂය රෝග පරීක්ෂාව සදහා යොමු කොට ඇති අතර ඒ සදහා පාසල තුළ ජංගම සෞඛ්‍ය සේවා කදවුරක්ද පවත්වා ගෙන යාමට පටන් ගෙන තිබේ.

මෙම පාසලේ 14 හැවිරිදි එක් සිසුවෙකු අසාමාන්‍ය ලෙස බර අඩුවීම නිසා ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ඔහුගේ දෙමව්පියන් රැගෙන ගිය අවස්ථාවේදි වෛද්‍යවරු ඔහුට ක්ෂය රෝග පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඔහුට ක්ෂය රෝගය වැළදී ඇති බව තහාවුරු වී තිබේ.

පසුව යාපනය ශීක්ෂණ රෝහලේ පිරිසක් පැමිණ එම සිසුවා සමග එකට සිටින සිසුන් පිරිසක් පරීක්ෂාවට ලක් කිරීමේදී තවත් සිසුන් හතර දෙනෙකුට ක්ෂය රෝගය වැළදී ඇති බව තහවුරු වීමෙන් පසුව එම පාසල තුළ සෞඛ්‍ය කදවුරක් ආරම්භ කොට ඇත.

පාසලේ සියළුම සිසුන්ට මුඛ ආවරණ පලදින ලෙස උපදෙස් දී ඇති අතර ක්ෂය රෝගය වැළදුණු සිසුන්ට හැකි නම් දින කීපයක් පාසලට නොපැමිණෙන ලෙස උපදෙස් ලබා දී තිබේ.
පාසල් වල නිවාඩු කාලය ආරම්භ වන නිසා එම තත්ත්වය සිසුන්ට අවාසියක් නොවන බව පෙන්වා දෙන යාපනයේ සෞඛ්‍ය අංශ එම සිසුන් පෞද්ගලික පන්ති වලට සහභාගී වීම හා අලුත් අවුරුද්ද සැමරීමේදී වඩාත් ආරාක්ෂාකාරීව ක්‍රියා කරන ලෙසට උපදෙස් ලබා දී තිබේ.

යාපනයේ එම පාසල තුල ක්ෂය රෝගය සම්බන්දයෙන් සිදු කෙරෙන පරීක්ෂණ නොකඩවා සිදු කරගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment