විහඟ ප්‍රේමය ඒෂියන් වර්ල්ඩ් යයි

207

සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ “විහඟ ප්‍රේමය” හෙවත් Peacock Lament සිනමාපටය ලොස්ඇන්ජලීස් නුවර පැවැත්වෙන 9 වැනි ඒෂියන් වර්ල්ඩ් අන්තර්ජාතික සිනමා උළෙලේ (Asian World International Film Festival) නැවුම් ක්ෂිතිජය (New Horizon) තරගකාරී අංශයට තේරී තිබේ. ඒ අනුව එම අංශය ස්ටාර් ඒෂියන් අන්තර්ජාතික සිනමා උළෙල සමග (Star Asian International Film Festival) සමග ඒකාබද්ධව පිරිනමන හොඳම සිනමාපටය සඳහා වන සම්මානයට තරග කරනු ඇත. සිනමා උළෙල ලොස්ඇන්ජලීස් නුවර කල්වර් සිටි නගරයේදී නොවැම්බර් 8 වැනිදා සිට 17 වන දින දක්වා පැවැත්වේ. විහඟ ප්‍රේමය නොවැම්බර් 12 වන ඉරු දින ප.ව. 3.00 ට Culver Theater හිදී ප්‍රදර්ශනය කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment