හරීන්ගේ සහ මනූෂගේ පක්ෂ සාමාජිකත්ව අහිමි කිරීමට එරෙහි පෙත්සම් විභාගයට

525


සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත් කර ඇති පෙත්සම් ලබන 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමට අදාළ ප්‍රති විරෝධතා ගොනුකිරීම සඳහා කල්ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

වග උත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පෙත්සම් ගොනුකළ දින සිට මාස දෙකක් තුළ පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුතු බව දන්වා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේ මෙම පෙත්සම්වලට අදාළ ප්‍රතිවිරෝධතා ඇත්නම් අද දින තුළ ගොනුකරන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment