ශ්‍රී ලංකාව 344/9

139

ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් ලබාගත්තේය.ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් 122ක් සහ සදීර සමරවික්‍රම 108ක් ලෙස ශතක රැස් කිරීම විශේෂත්වයකි. පැතුම් නිස්සංක 51 යි.කුසල් මෙන්ඩිස් සිය ශතකය රැස්කළේ පන්දු 65කදීය. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලෝක කුසලාන තරගාවලියේදී රැස්කළ වේගවත්ම ශතකය ලෙස ඉතිහාසගත විය.මෙන්ඩිස් සිය ලකුණු 122 සඳහා පන්දු 77කට මුහුණ දුන් අතර ඊට 6 6පහර ක් සහ 4 පහර 14ක් ඇතුළත් විය.එය ඔහුගේ තෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය විය.සදීර අද සිය මංගල එක්දින ශතකය රැස්කළේය. ඔහුගේ ලකුණු 108ට 6 පහර 2ක් සහ 4 පහර 11ක් රැස්කළේය. පාකිස්තානය වෙනුවෙන් හැරිස් රවුෆ් කඩුලු 2ක් සහ හසන් අලි කඩුලු 4ක් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment