තායි රාජා බලන්න තායි තානාපති නුවර එයි

280

හොඳින් ඉන්නවා ගැටලුවක් නෑ- තානාපති කියයි

ශ්‍රී දළදා මාලිගා ඇත් පන්තියට අයත් තායිරාජා හස්තියා දැකබලා ගැනීම සඳහා තායිලන්තයේ මෙරට තානාපති පොජ් හාන්පෝල් මහතා ඊයේ (6 දා) පෙරවරුවේ මහනුවරට පැමිණියේය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මහනුවර සුදුහුම්පල රජමහා විහාර පරිශ්‍රයේ සිටින තායිරාජා හස්තියා දැකබලා ගැනීමට ඒ මහතා ඇතුළු පිරිස පැමිණියහ. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් කරන ලද නිල ආරාධනයකට අනුව ඒ මහතා ඇතුළු කණ්ඩායම මෙලෙස පැමිණ ඇත. තායිරාජා හස්තියා දැකබලා ගත් බවත් එහිදී එම ඇතා පිළිබඳ කිසිදු ගැටලුවක් තමන් නොදුටු බවත්, ඇතා හොඳ සුවයෙන් සිටින ආකාරය සියැසින්ම දැකබලා ගැනීමට හැකි වූ බවත් තායිලන්තයේ මෙරට තානාපති පොජ් හාන්පෝල් මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාවේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු සායනික විද්‍යා මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතා විසින් තානාපතිවරයා වෙත තායිරාජා පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් ද සිදුකරන ලදී.

තායි රාජා බලන්න තායි තානාපති නුවර එයි

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය හා හීලෑ අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ ඇතැම් පිරිස් විසින් ගෙනයන සාවද්‍ය තොරතුරු හා ප්‍රචාරයන් පිළිබඳව ද තානාපතිවරයා ඇතුළු තායිලන්ත නිලධාරී කණ්ඩායම දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු ද මෙහිදී සිදු කරන ලදී.

සමන්තී වීරසේනර ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන, පේරාදෙණිය – ලලන්ත වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment