“ජනාධිපති පරිසර සම්මාන උලෙළ අද

103

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධාන කරනු ලබන “ජනාධිපති පරිසර සම්මාන 2021-2022” උලෙළ අද පෙරවරු 9 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර පවත්වන්නේ 9 වැනි ජනාධිපති පරිසර සම්මාන උලෙළයි.

පරිසර සංරක්ෂණයට විශිෂ්ට මෙහෙවරක් සිදුකළ කර්මාන්ත, ව්‍යාපාර ආයතන හා පුද්ගලයින් අගයමින් රාජ්‍ය ගෞරවය ලබාදීම; පරිසර හිතකාමී කර්මාන්ත, ව්‍යාපාර හා සේවා සංස්කෘතියක් ගොඩනැංවීම, පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වයන් සඳහා සමාජය දිරිගැන්වීම; සහ තිරසර සංවර්ධනයට ජන සහභාගීත්වයක් එක්කර ගැනීම යන අරමුණු පෙරදැරිව පරිසර අමාත්‍යාංශයේ උපදේශකත්වය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව මෙවැනි සම්මාන උලෙළක් සංවිධාන කිරීමට කටයුතු කරනු ලබයි. පසුගිය වසරවල රට තුළ පැවති කාලීන තත්වයන් සැලකිල්ලට ගනිමින් 2021 සහ 2022 වර්ෂ දෙකටම අදාළ සම්මාන මෙවර උලෙළේ දී පිරිනැමීමට කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment