නේපාල ගුවන් අනතුරින් යානයේ සිටි 72 කම මරුට මගීන් 68 ක් – කාර්ය මණ්ඩලයේ 4 ක්

278

නේපාලයේ යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්වීම නිසා එහි ගමන් කළ 72 දෙනාම මරණයට පත්ව තිබේ.

මෙහි මගීන් 68 ක් හා කාර්ය මණ්ඩලය 04 දෙනකු ගමන්කර තිබේ. මෙම ගුවන් යානය ඊයේ (15 දා) පෙරවරුවේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑමට උත්සාහ කරද්දී අනතුරට ලක්විය.

ත්‍රිභූවන් ගුවන් තොටුපළෙන් ඊයේ පෙරවරු 10.33 ට ගුවන්ගත වූ මෙම යානය පොකාරා වෙත ගොඩබාද්දී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.

මෙම යානයේ නේපාල ජාතිකයන් 53 ක්, ඉන්දියානුවන් 05 ක්, රුසියානුවන් 04 ක්, අයර්ලන්ත ජාතිකයෙක්, කොරියානු ජාතිකයෙක්, ආර්ජන්ටිනා ජාතිකයෙක් හා ප්‍රංශ ජාතිකයෙක් සිට ඇත.

මේ අනතුර වාර්තාවීමත් සමඟ නේපාල අගමැති පුෂ්පකමාල් ඩාහල් මහතා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබිණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment