දිල්ලි නගරයේ වායු දූෂණය මැඩීමට විශේෂ සතියක්

89

සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වන ආකාරයෙන් වායු දූෂණය ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඉන්දියාවේ අගනුවර වනදිල්ලි නගරය තුළ වායු දූෂණය මැඬලීමේ සතියක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය විසින් තීරණය කර තිබේ. මේ යටතේ මෙම වායු දූෂණය මැඬලීමේ සතිය ක්‍රියාත්මක වන නොවැම්බර් 13 සිට 20 දක්වා කාලයේදී දිල්ලි නගරයේ වෙසෙන රජයේ සේවකයන්ගෙන් සියයට 50කට නිවසේ සිට වැඩකිරීමට උපදෙස් ලබා දී ඇති බව ඉන්දීය පරිසර ඇමැති ගෝපාල් රායි පවසයි. දිල්ලි නගරයේ වායු දූෂණ මට්ටම දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් විදුලි වාහනවලට පමණක් මාර්ගවල ගමන් කිරීමට අවස්ථාව ලබා දීමට තීරණය වී ඇති අතර නගරයේ ප්‍රථමික පාසල් වසා දැමීමට ද බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment