කැනඩාවේ බ්‍රැට්ස්ටන් නගරයේදී ඉන්දිරා ගාන්ධි ඝාතකයන් සැමරුමට ඉන්දීය රජයේ දැඩි විරෝධය

669

ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඝාතනය කළ සීක් ආරක්‍ෂකයන් දෙදෙනා සැමරීමේ උත්සවයක් කැනඩාවේ බ්‍රැට්ස්ටන් නගරයේ පැවැත්වීම ගැන ඉන්දීය රජය දැඩි විරෝධය දක්වා ඇත.

පලිගැනීම යනුවෙන් දක්වමින් මෙම සමරුම පවත්වා තිබේ. බෙදුම්වාදීන්ට සහය වන බ්‍රැට්ස්ටන් නගරාධිපති පැට්රික් බ්‍රවුන් මෙම සැමරුමට අවසර දී ඇත. කැනඩාවේ සිටින කාලිස්තාන් බෙදුම්වාදීන් එම සැමරුම මෙහෙයවා තිබේ. ඉන්දියාවේ සිටින කැනඩා තානාපතිවරයා එම සැමරුම අනුමත නොකරන බව දන්වා ඇත. මේ ගැන ඉන්දීය විදේශ ඇමැති ජායිශංකර් කැනඩා රජයට විරෝධය දක්වා ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් දක්වා නැත.

1984 ඔක්තෝබර් 11 දා සීක් ආරක්ෂකයන් දෙදෙනකු විසින් ඉන්දිරා ගාන්ධි ඝාතනය කරන ලදී. මෙයට හේතුව වූයේ අම්රික්සාර්හි රන්දෙවොලට ඉන්දීය හමුදා මෙහෙයුමක් දියත්වීමයි. එහිදී සිවිල් වැසියන් සහ කාලිස්තාන් ත්‍රස්තයන් 492 ක්ද හමුදා භටයන් 83 ක්ද මරුමුවට පත් වූහ.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment