ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ ස්ථාන මාරුවට දැවැන්ත විරෝධතාවක්

25

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට මාරු කිරීමට එරෙහිව ඇල්පිටිය පුරවැසි සංවිධානය සහ ඇල්පිටිය සංඝ එකමුතුව සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයක් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

උද්ඝෝෂණයට එක්වූ පුරවැසියන්, වැඩ කළ ප්‍රාදේශීය ලේකම්ගේ හදිසි ස්ථාන මාරුව පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක්, ජනතාව වෙනුවෙන් කැප වී සේවය කළ ප්‍රාදේශීය ලේකම් සංචිතයට මාරු කිරීම ඇල්පිටියේ ජනතාවට එල්ල කළ මරු පහරක්, ස්ථාන මාරුවට එරෙහිව ප්‍රාදේශීය ලේකම් ඉදිරිපත් කළ අභියාචනය රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් නොකළේ කාගෙ වුවමනාවකටද, යනුවෙන් සඳහන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මහා සංඝරත්නය ඇතුළු විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති උද්ඝෝෂණය පැයක පමණ කාලයක් සිදු කිරීමෙන් අනතුරුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.

ඇල්පිටිය – විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment