අවුරුදු නැකතට සිටුවන පැළයට මාස 3 කින් තෑගි

370

ලබන 14 වැනිදාට යෙදෙන අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට සමගාමීව පැළ රෝපණය කර ඒවා මාස 3 කින් පසු ඇගයීමකට ලක්කර සෑම දිස්ත්‍රික්කයකම සරුවට වැඩුණු ශාක තෝරා ඒවා රෝපණය කර නඩත්තු කළ අයට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා පවසයි.

“අවුරුද්දට සිරිතක් – පරිසරයට පැළයක්” යන නමින් මෙම වැඩසටහන නම්කර තිබේ.

අප්‍රේල් 14 දා සිට අප්‍රේල් 20 දක්වා මෙම වැඩසටහනට ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකි වේ.

අවුරුද්දට සිරිතක් – පරිසරයට පැළයක් වැඩසටහන සමඟ ඕනෑම පුද්ගලයෙකුට සම්බන්ධ විය හැකිය. ඖෂධ පැළයක්, දැවමය වටිනාකමකින් යුතු පැළයක්, පලතුරු පැළයක් හෝ ආහාර අවශ්‍යතාව සපුරාලන පැළයක් මෙම වැඩසටහනට අදාළව රෝපණය කළ හැකිය. සිටුවන පැළය දීර්ඝ කාලීනව පවතින ශාකයක් වීම වැදගත් වේ. පැළය සිටුවනු ලබන්නාගේ නම, වයස, ලිපිනය, දිස්ත්‍රික්කය, ග්‍රාම සේවා වසම, දුරකථන අංකය, සිටුවන පැළයේ නම, සිටුවන අවස්ථාවේ පැළයේ උස යන තොරතුරු සමඟ පැළය සිටුවන අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් ට්ප්ායමියසන්?ජැ්ගකනයන විද්‍යුත් තැපැල් ලිපිනයට එවීමෙන් මෙම වැඩසටහන සඳහා ඇතුළත් වී ලියාපදිංචිය ලබා ගත හැකිය.

පැළය සිටුවා මාස තුනක් ගත වූ පසු සිටවූ පැළයේ වර්ධනය, නඩත්තුව පිළිබඳ ඡායාරූපයක් අදාළ විද්‍යුත් ලිපිනයට එවීම මගින් ඇගයීම් ක්‍රියාවලියේ එක් කාර්ය සාධන අවස්ථාවක් සම්පූර්ණ වන අතර ඒ සඳහා විද්‍යුත් සහතිකයක් ලබාදෙනු ලැබේ. වසරකට පසු සමීක්‍ෂණයක් සිදු කරනු ලබන අතර විනිසුරු මඩුල්ලක් මගින් සෑම දිස්ත්‍රික්කයකම හොඳින් සරුවට වැඩුණු ශාක තෝරා පැළය රෝපණය කර නඩත්තු කළ පුද්ගලයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමට කටයුතු කරයි.

වැඩසටහනේ සමාරම්භක උළෙල පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛi අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අලුත් අවුරුදු දිනයේ වැඩ ඇල්ලීමේ නැකතට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරි පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment