කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ දරුණු ලැව් ගිනි නිසා 42,000ක් නිවෙස්වලින් ඉවත් කරයි

80

ඇමරිකා එක්සත් ජනපදයට අයත් කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ උතුරු ප‍්‍රදේශයේ හටගෙන ඇති දැවැන්ත ලැව් ගිනි 09ක් නිවාස දෙසට පැතිර යමින් තිබීම හේතුවෙන් සිය නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂිත ප‍්‍රදේශ කරා යන ලෙස ප‍්‍රාන්ත බලධාරීහු නිවැසියන් 42,000 කට අධික පිරිසකට දැනුම් දී තිබේ.

 මෙසේ පැතිර යමින් තිබෙන ලැව් ගිනිවලින් දරුණුම ලැව් ගින්න වන දින 10කට පමණ පෙර ඇවිලීම පටන් ගත් ‘කැල්ඩොර්’ ගින්න හේතුවෙන් මේ වන විට අක්කර එක් ලක්ෂ දාහතරදහස් එකසිය හැට හයක (114,166) භූමි භාගයක් විනාශ වී ගොස් ඇති බව අනාවරණය වී තිබේ. මෙම ගින්නෙන් මෙතෙක් මැඩ පැවැත්වීමට හැකි වී ඇත්තේ සියයට 9ක ප‍්‍රතිශතයක් පමණක් බව බලධාරීහු පවසති. මෙම ගින්න හේතුවෙන් පෙරේදා (23) වන විට ස්ථාන 654 ක් විනාශ වී ගොස් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment