මියන්මාරයේ හමුදා ජුන්ටාව මැතිවරණයක් පැවැත්වීමේ සූදානමක

132

ඉදිරියේදී මියන්මාරයේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණය රට පුරාම නොපැවැත්වෙනු ඇතැයි මියන්මාරයේ හමුදා ජුන්ටා රජයේ ප්‍රධානියා වන මින් අවුන් හියෑන්ග් රුසියාවේ ටාස් ප්‍රවෘත්ති සේවය හා පවසා තිබේ. මියන්මාරයේ ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් පැවැත් වෙනුයේ රට තුළ සාමය හා ස්ථාවරත්වය පවතින්නේ නම් පමණක් බව පවසා ඇති හමුදා ජුන්ටා ප්‍රධානියා රට පුරා හටගෙන ඇති කැරළි මැඬපැවැත්වීමට හමුදා ජුන්ටා රජය උත්සාහ දරමින් සිටින බව අවධාරණය කර තිබේ.

මියන්මාරය තුළ සාමය හා ස්ථාවරත්වය පවතී නම් රටේ තෝරාගත් ප්‍රදේශවල මැතිවරණය පැවැත්වීමට සැළසුම් කර ඇති බව හමුදා ජුන්ටා ප්‍රධානියා සඳහන් කර තිබේ. කෙසේ වුවද බටහිර රටවල් පවසනුයේ වසර තුනකට පෙර මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව එරට පක්ෂ 40කට අධික සංඛ්‍යාවක් විසුරුවා හැර තිබීම නිසා මැතිවරණයක් පැවත්වුවහොත් හමුදා ජුන්ටාවට එරෙහිව තරග වැදීම සඳහා කිසිදු නව බලවේගයකට නොහැකි වීම් හේතුවෙන් එම මැතිවරණය ව්‍යාජ එකක් වනු ඇති බවයි. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත්ව සිටි අවුන් සාන් සු කි ගේ රජය මෙයට වසර තුනකට පමණ පෙර හමුදා ජුන්ටාව විසින් පෙරළා දැමීමෙන් පසු රට පුරා හටගත් නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මේ වන විට මියන්මාර වැසියන් මිලියන 2, 3 කට අධික පිරිසක් අවතැන්ව සිටින බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment