නිරෝධායනය දින 7 වුණේ ඔමික්‍රෝන් දරුණු නැති නිසා

314

විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ

ඉතා වේගයෙන් පැතිරෙන ඉක්මනින් රෝග ලක්ෂණ පෙන්වන සහ කෙටි කාලයක් ඇතුළත සුවවන කොරෝනා රෝග ප‍්‍රභේදයක් ලෙස ඔමික්‍රෝන් රෝගය හඳුනාගෙන ඇතැයි වසංගත රෝග පාලන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

ඒ නිසා ඔමික්‍රෝන් ආසාදිතයන්ට රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ බරපතළ රෝග ලක්ෂණ මතුවීම ඉතා අවම බව ද හෙතෙම සඳහන් කළේය.

මේ වනවිට හමුවන කොරෝනා ආසාදිතයන්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි ද මෙම තත්ත්වය පාලනය සඳහා නිසි ලෙස මුව ආවරණ පැලඳීමට සහ එන්නත් මාත‍්‍රා 03 ම ලබා ගැනීමට ජනතාව අවධානය යොමු කළ යුතු යැයි ද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාවේ මේ වනවිට ඉලක්කගත එන්නත්කරණය සිදුකරන පිරිසෙන් සියයට 85කට වැඩි පිරිසකට කොවිඞ් පාලන එන්නත් මාත‍්‍රා දෙකම ලබාදී ඇති අතර සියයට 35කට වැඩි පිරිසකට තෙවැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදී ඇතැයි ද ඔහු පැවසීය. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව නිරෝධායන කාලසීමාව දින 14 සිට දින 07 දක්වා අඩු කිරීමට හැකි වූ බව ද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment