හිටපු ජනපතිලා 4කට එරෙහිව උසාවි තීන්දු

7713

මෙරට හිටපු විධායක ජනාධිපතිවරුන් හතරදෙනකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු ලබාදී ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයක දීම තීන්දු ලබාදී තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට එරෙහිව වෝටර්ස් එජ් නඩුවද, මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දින 52 ආණ්ඩුව නීති විරෝධී සහ පාස්කු වින්දිතයන්ට වන්දි ලබාදීමට අදාළව තීන්දු ද ප්‍රකාශයට පත් කෙරිණි.

එමෙන්ම මහින්ද සහ ගෝඨාභය යන හිටපු රාජපක්‍ෂ ජනාධිපතිවරුන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇති බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අඟහරුවාදා (14දා) දින තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment