මිනිස් ජීවිතයේදී රජවීමට හා හිඟමන් යැදීමට බලපාන සුබ ග්‍රහයෝග පල

5027

මෙලොවට බිහිවී ජීවත්වන කාන්තාවකට හෝ පුරුෂයකුට ඔවුන්ගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටි ග්‍රහයන් අනුව සුබ යෝග ඇතිවූ විට රජවීම ද අසුබ යෝග ඇතිවූ විටෙක බලුවීම ද සිදුවන බව කේන්ද්‍රයක යෝගපල මෙසේ විස්තර කර ඇත.

යුප යෝගය

සිටින කල ලග්නයේ සිට සිව්වැන්න දක්වා සියලු ග්‍රහපෙළ
හැඳිනගත යුතු යුප යෝගය සදන දිරිමත් පිනැති අය බල
කරන දස්කම් විදුනැණින් නෙක දරන ගරු තැන් ඇති පිරිස් බල
නුවණ ගුණය ද දරා වැජඹෙයි සදා සිරිකත බැලුනි වෙස්වල

ශර යෝගය

සතර වැන්නේ සිටම සත්වන තැනට ග්‍රහයින් යෙදුන කල දැන
සතිරකර යුතු වේය ශර යෝගයේ පල බල දුබලකම් මැන
සතර ලෙස ඔහු සතුය රම්බා දෙවඟනට සරි බිරිය පිය වන
සතර සැදුනත් සිතින කුරිරුය සිතම වේ නිති වනහි ගැවසෙන

ශක්ති යෝගය

හතේ සිට දසවැන්න දක්වා සිටිය විට ගහබලය ඇදී
වෙතේ තිර ලෙස ශක්ති යෝගය නැතේ කයබල වැරද සැදී
සිතේ බල ඇත අදර ලැබුවෙන් උස්පහත් හැමදෙනගෙ පෑදී
නැතේ ගිහි සැප බෙජේ යුධයෙහි චතුර මේ නිතිවාද යේදී

දණ්ඩ යෝගය

යෙදෙන කල දසවැන්න සිට ලග්නයට ගහයන් සතර තැන කම
සදන අවබල දණ්ඩ යෝගය තබාදෙයි නිති දැඩි දිළිඳු කම
නොදෙන සැටයක් හරණ අඹුදරු විපත මිතුරන් කෙරෙන් වේ සැම
සහන නොම දෙන නීචගති යුත් අයෙක් වේ ඉසි සිතද ඇති ලැම

ශංඛ යෝගය

දසවැන්න හෝ ලග්නයට පති යෙදුන කල චර රැසක කෙදුරේ
නවවැන්න පති බලැතිවූවොත් ශංඛ යෝගයෙ බලය සතිරේ
සුපසන්න ගුණදහම දත් ගුණ තියන පින්පල ඔහුට ඉතිරේ
හිමිවන්න ආයුෂ අසූවස් බල ද වේ කිතුගොස ද පැතිරේ

සිටිනකල පස්වැන්න අධිපති හයට අධිපති සිටින තැන් සිට
ගැනෙන සේ එක හතර හත හෝ දහය වී සුබ කෙදුරු තැන් කොට
යෙදෙන වෙන සැකසුමක් වනු ඇත සංඛ යෝගය සදන සරුවට
දියුණුවේ නිති වාසනා දොර ඇරී පිනසේ නිති මොවුන් හට

මෘදංග යෝගය

අවම පමණින් එකම ගහයෙක් වුවද සිටි කල උච්ච බල ගන
නියම ලෙස ඔහු සිටිය අංශක අධිපති ද වුව උච්ච බල යෙන
බලම ඒ ලෙස තිර නොවූවොත් සියබලෙන් හෝ කෙදුරු ගත යන
යුතුම වේ ලග්නාධිපති බල වීම මිරිදංගයට බල තිත

උපත මේ යෝගයෙන් ඔහු සතුවේය කිතුගොස රඳන බල තල
සමත වේ රැකගනුම නිවහල් බවක් තම දිවිහුරුව සතු කල
සිරිත ලෙස වැඩකිරීමට වැඩි අනුන්ගෙන් වැඩ ගැනම හුරු කල
සැපත ඇතියන් වේය මුල්තැන ලබන සතුවී හොඳම නිල තල

යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ ධනවත්කම පිළිබඳ කේන්ද්‍රයකින් දැක්වෙන කරුණු කීපයක් මෙසේය.

යම් අයකුගේ කේන්ද්‍රයේ ගුරු මේෂ රාශිගතව සිටීනම් ඔහුට මුහුදු, බෝට්ටු, නැව්, ඔරු ආදී ජලාශ්‍රිත රැකියා ආදියෙන් ද ධනය ඉපයිය හැකිය. ශනි ග්‍රහයා ගුරුගේ සුබ දෘෂ්ටියට අයත් වූ විට ජීවිතයේ අවසාන භාගයේ හෝ ධනය ලැබේ. යුරේනස් ග්‍රහයා මේෂ රාශියේ සිටින විට කාර්මික අංශයේ රැකියා වලින් මුදල් උපයාගත හැක. කුජ මේෂ රාශිගතව ඇතිනම් ස්වයං රැකියා වලින් ධනය ලැබේ.

ශනි වෘෂභ රාශිගත වූ විට කර්මාන්ත වලින් ධනය ලැබේ. ගුරු වෘෂභ රාශිගත වූ විට තනතුරු වලින් ස්ත්‍රීන්ගෙන් උපකාර ලාභයන් ලැබේ. සිකුරු වෘෂභ රාශිගත වූ විට කෑම බීම ආදී වෙළෙඳාමෙන් විසිතුරු වැඩවලින් ධනය ලැබේ.

රවි වෘෂභ රාශියේ වූ විට මුදල් ණයට දීමෙන් දේපළ වලින් ධනය උපයයි. කලා ශිල්ප වලින් ද උපයයි. සිකුරු මිථුන රාශිගත වූ විට ඥාතීන් මිතුරන්ගේ සහායෙන් හා විවිධ රහස් ක්‍රමවලින් ධනය උපයයි. පොත්පත් ගුප්ත විද්‍යා වෙළෙද ව්‍යාපාර උගත් ශිල්ප ශාස්ත්‍රයෙන් ධනය උපයයි.

නැප්චූන් ග්‍රහයා මේෂ රාශිගත වූ විට ගුප්ත විද්‍යා කටයුතු වලින් ද සිකුරු මේෂ රාශිගත වී නම් රහස් හොර කූට වංචනික දේවල් කිරීමෙන් ධනය උපයයි. චන්ද්‍රයා මේෂ රාශිගත වී නම් දියර වර්ග ආශ්‍රිත රැකියා, විලාසිතා, සුවඳ වර්ග වලින් ධනය උපයා ගන්නෝ වෙති.

මිනිස් ජීවිතයේදී රජවීමට හා හිඟමන් යැදීමට බලපාන සුබ ග්‍රහයෝග පල

ඉඳුවර ගෞරව සම්මානනීය
ජ්‍යොතිෂ විද්‍යාජෝති, ගුප්ත විද්‍යාකීර්ති
වාස්තු විද්‍යා උපදේශක,
සාමවිනිසුරු, දේශබන්දු
රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල.
0770730062.

advertistmentadvertistment
advertistmentadvertistment